අපගේ දැක්ම.

රජයේ ඉඩම් නිසි කළමණාකරණය තුලින් දිවයිනේ විශිෂ්ඨතම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව බවට පත්වීම.

අපගේ මෙහෙවර.

තිරසර සංවර්ධනය උදෙසා රජයේ ඉඩම් ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, නිරවුල් කිරීම, බැහැර කිරීම හා ආදායම් රැස් කිරීම තුලින් දකුණේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ආර්ථිකය නංවාලීමට දායක වීම.

ආයතනයේ විශේෂත්වය

​මතු පරපුරේ ඉඩම් අයිතීන් ආරක්ෂා කරමින් හා සංවර්ධනය කරමින් ඉඩමෙන් ප්‍රශස්ත ඵල නෙලන දකුණු පළාත​ක් යන දැක්ම සහිත අපගේ ආයතනය ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් සැනින් ලබාදීමට කැමැත්තෙමු.

ෆේස්බුක් පිටුව

සංචාරක නිවාසය වෙන් කිරීම

ලඟදීම

නවතම පුවත්

උරුමය වැඩසටහන යටතේ ලියාපදිංචි වීම
උරුමය වැඩසටහන යටතේ ඔබ වෙත නිකුත් කර ඇති දීමනාපත්‍ර හා බලපත්‍ර රජයට භාර දී නිදහස් දීමනාපත්‍ර (සින්නක්කර ඔප්පු) ලබා ගත හැක. මේ සඳහා ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වනු ලබන ජංගම සේවා මධ්‍යස්ථාන වෙත ඔබගේ දීමනාපත්‍රය/ බලපත්‍රය, හැඳුනුම්පත හා එහි ඡායා පිටපත , දීමනාපත්‍ර ඉඩමක් නම් මාස 03ක් තුළ ලබාගත් පත්තිරුව ලබා දීමට කටයුතු කරන්න. මේ සඳහා ලියාපදිංචි වීමට පහත link එක භාවිතා කර ලැබෙන පෝරමය පුරවා එවන්න. (submit button click කරන්න) https://forms.gle/Z61ZAHDSSyoGxfWd9
ඉඩම් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන.
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ඉඩම් නිලධාරීන් සඳහා වන නිතිය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023.10.25,26 සහ 27 දිනයන් හි නුවරඑළිය වන වද්‍යායතනයේ දී පැවැත්වේ.
සංවර්ධන නිලධාරීන් සඳහා වූ කාර්ය සාධන සැලැස්ම
සියළුම සංවර්ධන නිලධාරීන් වර්ෂය ආරම්භයේ දී මෙම ආකෘතිය සම්පූර්ණ කර පෞද්ගලික ලිපි ගොනු විෂය භාර නිලධාරියා වෙත යොමු කළ යුතුය. පහත සබැඳිය භාවිතා කර අදාළ ආකෘතිය භාගත කළ හැකිය. https://tinyurl.com/2crybkjt
2023 වර්ෂය සඳහා පුහුණු අවශ්‍යතා ලබා ගැනීම.
2023 වර්ෂයට අදාල පුහුණු වැඩමුළු සැලැසුම් කිරිම සඳහා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුහුණු අවශ්‍යතා පිළිබඳව තොරතුරු කැඳවා ඇත. 02. ඔබගේ පුහුණු අවශ්‍යතා පිළිබඳ තොරතුරු මේ සමඟ ඇති ඇමුණුම 02 හි සඳහන් ආකෘතිය අනුව සකස් කර 2022.11.25 දිනට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය, ෆැක්ස් අංක 091-2244379 මගින් හෝ තැපැල් මගින් මා වෙත එවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.2023 වර්ෂය සඳහා පැවැත්විමට යෝජිත පුහුණු වැඩසටහන් පිළිබඳ තොරතුරු හා පාඨමාලා කේතයන් ඇමුණුම 03 හි දක්වා ඇත. 03. එක් නිලධාරියෙකුට පුහුණු වැඩසටහන් 03 ක් සඳහා සහභාගී විය හැකි අතර එම පුහුණු අවශ්‍යතා තෝරා ගැනීමේදී ඔබගේ රාජකාරි කටයුතු වල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ඔබගේ විෂය ක්ෂේත්‍රයට අදාලව පුහුණු වැඩසටහන් 03 ක් පමණක් තෝරා ගන්නා ලෙස ද දන්වා සිටිමි. https://drive.google.com/file/d/1jxwxjs11lnzaDBf7KBh1idUk5LT6KhSB/view?usp=sharing https://drive.google.com/file/d/1EgB5DAAuts68BHoJZ1HYfWYhm8KNfhzj/view?usp=sharing
සහකාර ප්‍රාදේශීය ලේකම් පුහුණුව - වක්වැල්ල
දකුණු පළාතේ සේවය කරන සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත හා රජයේ ඉඩම් ආඥා පනත පිළිබඳ තෙදින පුහුණු වැඩමුළුව 2022.10.12,13 සහ 14 යන දිනයන්හි වක්වැල්ල කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ දි පැවැත්වේ.
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ධුරයෙහි නව කොමසාරිස් තුමා වැඩ භාර ගැනීම
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ලෙස සේනක පල්ලියගුරුගේ මහතා 2022.10.03 දින නව ඉඩම් කොමසාරිස් ධූරයෙහි වැඩ භාර ගැනිම.

සම්බන්ධ වන්න අප සමග

වඩා කාර්යක්​ෂම සේවාවක් සඳහා ඔබේ ගැටලු, යෝජනා හා චෝදනා සදහා අප විවෘතයි. දුරකතන මාර්ග, විද්‍යුත් තැපැල් හෝ පහත පෝරමය මගින් ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
​දුරකතන
+94 912 234 266
විද්‍යුත් තැපැල්
[email protected]
"/>